චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සමග සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක් පවත්වයි. ඒ අද (20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.
මෙම වසර, චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ 30 වන සංවත්සරය හා ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ට අත්සන් තැබීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ශක්තිමත්භාවය හා ධෛර්වන්තභාවයෙන් යුතුව දෙරට වත්මන් ඉහළ මට්ටමේ සබඳතා දක්වා වර්ධනය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් දෙකක් සහ ලෝකයේ බලවත් රටවල් දෙකක් ලෙසට, දිගුකාලීන උපායමාර්ගික දෘෂ්ටියෙන්, පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා දෙරටේ සංවර්ධනය හා පුනරුදයට සහාය වෙමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.
එහිදී රාජ්‍ය නායක දෙපළ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’දීර්ඝ කිරීමටත් එකඟතාවන් පළ කළහ.
එම ගිවිසුම දීර්ඝ කිරීමට අනුබලයක් ලබා දෙන චීනය, රුසියාව සමග එක්ව, ගිවිසුමේ ජීව ගුණය අනුගමනය කරමින් දෙරටේ සර්ව කාලීන හා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
මැදපෙරදිග හා ගල්ෆ් කලාපයේ තත්ත්වය, යුද්ධයේ සිට සාමය කරා පරිවර්තනය වීමේ සංධිස්ථානයක පවතින බව ඔහු පෙන්වා දෙයි. ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ යුද විරාමයක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වන අතර, තවත් යුද්ධයක් ආරම්භ කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය. මෙහිදී සාකච්ඡාවල නියැලී සිටීම ද ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය. යුදමය මෙහෙයුම් කඩිනමින් අවසන් වුවහොත්, එය බලශක්ති සැපයුම් ස්ථාවරත්වය, කර්මාන්ත හා සැපයුම් දාමයන්හි විධිමත්භාවය මෙන් ජාත්‍යන්තර වෙළඳ පටිපාටියට එල්ල වන බලපෑම් අවම වීමට හේතු වනු ඇත. මැදපෙරදිග ප්‍රදේශයේ සාමය තහවුරු කිරීම සඳහා තමා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ, ජාත්‍යන්තරයේ පොදු අදහස් එක්රැස් කරමින් ආතතීන් සමනය කර සාමය උදා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.
සාකච්ඡාවට පෙර චීන රුසියානු නායක දෙපළ ඡායාරූපවලට ද පෙනී සිටියහ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති