May 31, 2026

ලොව පුරා කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් චීන ජනපති ආර්යාවගේ කැපී පෙනෙන දායකත්වය යුනෙස්කෝ ප්‍රධානියාගේ ඇගයීමට

චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Khaled El-Enany මහතා අතර හමුවක් අද (12) බෙයිජිංහිදී සිදු විය.

ගැහැණු ළමුන්ගේ සහ කාන්තා අධ්‍යාපනයේ ප්‍රගතිය සඳහා වන යුනෙස්කෝ විශේෂ නියෝජිතවරියක් ද වන Peng මහත්මිය, El-Enany මහතා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට තේරී පත්වීම පිළිබඳව මෙහිදී සුබ පැතුම් එක් කළාය.

එමෙන්ම ලොව පුරා ගැහැණු ළමුන්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේදී යුනෙස්කෝවේ වැදගත් කාර්යභාරය ද අගය කළ ඇය, චීනයේ ඒ සම්බන්ධයෙන් පෙන්නුම් කෙරෙන සංවර්ධනය පිළිබඳව El-Enany මහතා වෙත එහිදී පැහැදිලි කළාය.

මෙහිදී අදහස් දැක්වූ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, චීන ජනපති ආර්යා Peng මහත්මිය යුනෙස්කෝ විශේෂ නියෝජිතවරියක ලෙස ලොව පුරා ගැහැණු ළමුන්ගේ සහ කාන්තා අධ්‍යාපනය සඳහා කරන්නා වූ කැපී පෙනෙන දායකත්වය සම්බන්ධයෙන් ඉහළ ඇගයීමක් කළේය.

එමෙන්ම චීනයේ අමිල සහයෝගයට යුනෙස්කෝව කෘතඥ වන බව සඳහන් කළ ඔහු, ලොව පුරා ගැහැණු ළමුන්ගේ සහ කාන්තා අධ්‍යාපනය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා චීනය සමඟ හුවමාරු සහ සහයෝගිතා ගැඹුරු කිරීමට යුනෙස්කෝව සූදානම් බවත් පැවසීය.

About The Author