චීනය සැමවිටම ඕනෑම ආකාරයක ඒකපාර්ශ්වික තීරුබදු පැනවීමේ ක්‍රියාමාර්ගයන්ට විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය පවසයි.
ආනයනකරුවන්ට තීරුබදු ආපසු ගෙවීමේ නව රේගු පද්ධති ක්රියාකාරීත්වයේ පළමු අදියරේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු මූලික වශයෙන් නිම කර ඇති බවත්, 20 වැනිදා අදාළ තීරුබදු ආපසු ගෙවීමේ කටයුතු ආරම්භ කළ බවත්, ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂණ කාර්යාංශය මෑතකදී ප්‍රකාශ කළේය. ඊයේ (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් He Yongqian මහත්මිය මේ අදහස් පළ කළාය.
ඇමරිකාව විසින් ගත් සමාන තීරුබදු, Fentanyl තීරුබදු වැනි ඒකපාර්ශ්වික පියවරයන් සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවන්ට නොගැලපෙන බව ඇය පැවසුවාය. ඇමෙරිකාව තීරුබදු ආපසු ගෙවීමේ පියවර වැරදි මග නිවැරදි කිරීමේ ප්‍රයෝජනවත් පියවරක් බව ඇය පැවසුවාය.
මේ අතර, චීන වාණිජ අමාත්‍යාංශය පසුගිය 17 වැනිදා යුරෝපා සංගම් කොමිසම වෙත යුරෝපා සංගමයේ “සයිබර් ආරක්ෂණ පනත”ට අදාළ සංශෝධිත කෙටුම්පත පිළිබඳ විචාරාත්මක අදහස් නිල වශයෙන් ඉදිරිපත් කළ බව ඇය තවදුරටත් පැවසුවාය. චීන සමාගම් වෙත වෙනස් කොට සැලකීමේ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම්, චීනය විසින් “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ පනත” වැනි නීති අනුව පියවර ගනිමින් චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති