May 31, 2026

‘Yiwu සංවර්ධන අත්දැකීම’ සෙසු ප්‍රදේශ ද ආදර්ශයට ගතයුතු බව චීන ජනපති කියයි

Yiwu නගරයේ කුඩා වෙළඳ භාණ්ඩ, ගෝලීය වෙළඳපොළේ උණුසුමක් ඇති කර, මහා කර්මාන්තයක් දක්වා වර්ධනය වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෑතකදී වැදගත් උපදෙස් දෙමින් පෙන්වා දී තිබේ. මෙම ‘Yiwu සංවර්ධන අත්දැකීම”, සිය තත්ත්වයන්ට අනුව ප්‍රාදේශීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ සාර්ථක භාවිතයක් බව ද ඔහු කියා සිටියේය.

” Yiwu සංවර්ධන අත්දැකීම” තවදුරටත් සාරාංශ කරමින් එය ප්‍රචලිත කළ යුතු යැයි හෙතෙම කීය. එමගින් විවිධ ප්‍රදේශවලට සිය සම්පත් මත පදනම් ව, බිම් මට්ටමේ සහ ජනතාවගේ නිර්මාණශීලි ජීවගුණයට ද ගරු කරමින් යථාර්ථයන්ට ගැලපෙන උසස් තත්ත්වයේ සංවර්ධන මාවතක් ගවේෂණය කිරීමට හැකිවීම අපේක්ෂාවයි. එසේම සමස්ත ජාතික සංවර්ධනයට වඩාත් මනා ලෙස සේවය කිරීමට හා ඒකාබද්ධ වීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

Yiwu නගරය අයත් වන Zhejiang පළාතේ සේවය කළ කාලයේදී, ෂී ජින්පිං මහතා කිහිපවරක් එම නගරයට පැමිණ සමීක්ෂණ හා පර්යේෂණ සිදු කරමින් එහි සංවර්ධන අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කළේය. වසර ගණනාවක් පුරා, Yiwu නගරයේ ‘කුඩා භාණ්ඩ විශාල වෙළඳපොළ දිනා ගැනීමේ සංවර්ධන මාර්ගය’ අඛණ්ඩව තහවුරු වී තිබේ. වර්තමානයේ, එහි කුඩා භාණ්ඩ පිළිබඳ ව්‍යාපාර සංඛ්‍යාව මිලියන 1.26 ඉක්මවා ඇති අතර එය රටවල් සහ කලාප 230 කට වැඩි සංඛ්‍යාවක් සමඟ වෙළඳ සබඳතා පවත්වයි. 2025වසරේ Yiwu නගරයේ විදේශ වෙළඳ අපනයන ප්‍රමාණය රටේ සමස්ත නගර සහ දිස්ත්‍රික්ක අතර පළමු ස්ථානය ගෙන ඇත.

About The Author