ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සාමය හා සංහිදියාව ඇති කිරීම සඳහා අඛණ්ඩව දායකත්වයක් ලබා දීමට චීනය අපේක්ෂා කරයි. ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනය සිය රාජ්‍යතාන්ත්‍රික මාර්ගය ඔස්සේ අදාළ ගැටුම් සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. සටන් විරාමයක් සාක්ෂාත් කර සංවාදය මගින් මතභේදයන් විසඳා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය විධිමත්ව ක්‍රියා කරමින් කඩිනමින් සෘජු සංවාද පවත්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර සාමය හා සංහිදියාව ඇති කිරීම සඳහා අඛණ්ඩව දායකත්වයක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද Lin Jian මහතා අවධාරණය කළේය.
මේ අතර පසුගිය 7 වනදා සිට 14 වනදා දක්වා ඇෆ්ගනිස්ථාන කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Yue Xiaoyong මහතා ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්ථානයේ සංචාරයක නිරතව ඇත. මෑතකදී දෙරට ගැටුම් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු මනාව ක්‍රියාත්මක කරමින් හෙතෙම අදාළ රටවල නිලධාරීන් කිහිප දෙනෙක් වෙන් වෙන් ව හමුවී සාකච්ඡා කළහ. චීනයේ සම්බන්ධීකරණ කටයුතු අගයමින් ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය ස්තූතිය පළ කළහ. දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මාර්ගය හරහා ගැටුම් විසඳා ගැනීමට කැමැත්තෙන් සිටින බවද දෙපාර්ශ්වය අදහස් පළ කළහ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි