48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඊයේ (22) චීනයේ ෂැංහයි නගරයේදී ආරම්භ විය.
එම තරගාවලිය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා යොමු කළ සුබපැතුම් ලිපියක් ඊයේ (22) රාත්‍රියේ පැවති සමාරම්භක උත්සවයේදී ප්‍රකාශයට පත් කෙරිණ. චීන අගමැති ලී ච්‍යං මහතා එම අවස්ථාවට එක් විය.
මෙවර තරගාවලිය “වෘත්තීය කුසලතා අනාගතය වෙනස් කිරීම”යන තේමාව ඔස්සේ පැවැත්වෙන අතර, තරග ඉසව් 64 ක් ඇතුළත්ය. ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ගෘහ නිර්මාණය, නිෂ්පාදනය සහ ඉන්ජිනේරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර හයක් මෙමගින් ආවරණය වේ.
රටවල් සහ කලාප 68ක තරගකරුවන් 1385 දෙනෙක් මෙවර තරගාවලියට එක් වෙති. මේ අතර, චීන නියෝජිත කණ්ඩායමේ තරගකරුවන් සංඛ්‍යාව 71කි. ලබන 27 වැනිදා එම තරගාවලිය අවසන් වීමට නියමිතය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්