22 වන ආසියානු වෙරළාරක්ෂක නියෝජිතායතන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉහළ මට්ටමේ රැස්වීම ඊයේ (10) චීනයේ Hangzhou නගරයේදී අවසන් විය. “22 වන ආසියානු වෙරළාරක්ෂක නියෝජිතායතන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශය” ද එහිදී නිකුත් කෙරිණ.
මෙම රැස්වීම අතරතුර, සියලු පාර්ශ්වයන් කලාපීය සමුද්‍රීය ආරක්ෂක තත්ත්වය, අන්තර්ජාතික සමුද්‍රීය අපරාධ වැළැක්වීම සහ ඊට එරෙහිව සටන් කිරීම, සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීමේ සහයෝගීතාව, සමුද්‍රීය ජෛව පරිසර ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීමේ තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ධාරිතාව ගොඩනැගීම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව ගැඹුරු සහ ප්‍රායෝගික සාකච්ඡා පැවැත්විණ. එමෙන්ම ඊට අදාළ සහයෝගිතා සැලසුම්හි මීළඟ අදියර පිළිබඳ මූලික එකඟතාවයකට පැමිණෙමින් “22 වන ආසියානු වෙරළාරක්ෂක නියෝජිතායතන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශය” පළ කිරීමත් මෙහිදී සිදු විය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්