
05 වැනි ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය එළඹෙන 10 වැනිදා චීනයේ Chongqing නගරයේදී පැවැත්වීමට නියමිතය. එය චීන මාධ්‍ය සමූහය සහ Chongqing නාගරික මහජන රජය විසින් ඒකාබද්ධව සංවිධනය කරනු ඇත.
මෙම සංසදයේ තේමාව වන්නේ “බුද්ධිමත් යුගයේ මාධ්‍ය මෙහෙවර: තහවුරු කිරීම සහ නැවත හැඩගැස්වීම” යන්නයි. මේ අවස්ථාවට ලොව පුරා විවිධ රටවල් සහ කලාප නියෝජනය කරමින් 300 දෙනෙකු පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංසදය අතරතුර වැදගත් ප්‍රතිඵල කිහිපයක් නිකුත් කෙරේ. ප්‍රධාන සංසදයට අමතරව, උප සංසද සහ විශේෂ දේශන කිහිපයක් ද පැවැත්වේ. කෘත්‍රිම බුද්ධිය සහ මානවවාදී ජීවගුණය, මානව-යන්ත්‍ර සහජීවනයේ යුගය සහ දකුණු-දකුණු දෘෂ්ටිකෝණයකින් බුද්ධිමත් රැල්ල වැනි අති නවීන මාතෘකා පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ