March 1, 2026

“සාමයේ ප්‍රතිරාවය” නමැති මානව හා සංස්කෘතික හුවමාරු වැඩසටහන බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේදී

“සාමයේ ප්‍රතිරාවය” නමැති මානව හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පුසගිය 26වැනිදා බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයේදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය සංවිධාන කළ මෙම උත්සවය සඳහා 100 කට අධික ආරාධිතයෝ සහභාගී වූහ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් එක්ව දේශනයක් පැවැත්වීය. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව Shen Haixiong මහතා එහිදී පැවසීය. ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු බවත්, එක්ව අනාගතය නිර්මාණය කළ යුතු බවත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

මෙම අවස්ථාවේදී චීන මාධ්‍ය සමූහයේ CGTN හි වාර්තා චිත්‍රපටයක් වන “Witness to War: George Aylwin Hogg in China” හි මංගල දර්ශනය පැවැත්වීම ද විශේෂත්වයකි. 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, බ්‍රිතාන්‍යයේ කළ සංචාරයේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේදී බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී George Aylwin ගේ සක්‍රිය සහභාගීත්වය පිළිබඳ සංවේදී කතාව සිහිපත් කළේය.

මේ වන විට, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, බෙල්ජියම, සර්බියාව, හංගේරියාව සහ ග්‍රීසිය ඇතුළු රටවල් සහ කලාප 11 ක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන 255 ක් මෙම වැඩසටහන වාර්තා කර තිබේ.

About The Author