
“ෂී ජින්පිං – චීන පාලනතන්ත්‍රය” ග්‍රන්ථයේ 5වන වෙළුම එළි දැක්වීමේ උත්සවය පසුගියදා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පැවැත්විණ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවිධානයේ සම-නිර්මාතෘ Maya Majueran මහතා එම උත්සවයට සහභාගි වූ අතර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එම ග්‍රන්ථයේ අන්තර්ගතය ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වන බව ඔහු පැවසීය.
ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම එහි වැදගත් අන්තර්ගතයන් වන බව ඔහු පැවසීය. ගෝලීය දකුණේ රටවල් සමග චීනය සිදු කරන හුවමාරු සඳහා ආකල්පමය වශයෙන් පමණක් නොව යථාර්ථ ඔස්සේ ද සහාය වන බව ඔහු විශ්වාස කරයි. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධ ඉදිකිරීම, බ්‍රික්ස් රටවල සහයෝගීතා යාන්ත්‍රණය, ශැංහයි සහයෝගීතා සංවිධානය සහ චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය වැනි වේදිකා ගෝලීය දකුණේ රටවලට ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට, දකුණු-දකුණු සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ගෝලීය පාලනය සඳහා සක්‍රිය ව සහභාගී වීමට වැඩි අවස්ථාවන් ලබා දී ඇති බව ඔහු පැවසීය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම