බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුව ‘නව දිල්ලි ප්රකාශනය’ නිකුත් කර ඇත. ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ පැවති සහයෝගිතාවයේ පදනම මත සහ කණ්ඩායම පුළුල් වීමෙන් අනතුරුව, ‘බ්‍රික්ස් හි දේශපාලන ආරක්ෂාව’, ආර්ථික හා මූල්‍ය මෙන්ම ජනතාව අතර හුවමාරු යන ප්‍රධාන අංශ තුන ඔස්සේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බ්‍රික්ස් නායකයෝ එකඟ වූහ.
වඩාත් නියෝජිත සහ සාධාරණ ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනගමින්, බහුපාර්ශ්වික ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කරමින් තිරසර සංවර්ධනය හා අන්තර්කරණ ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු ව ඇත. මේ තුළින් බ්‍රික්ස් උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර, විවිධ රටවල ජනතාවට සුබසෙත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද එහි සඳහන් වේ.
බහුපාර්ශ්විකත්වය සහ බහු-ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම මෙන්ම, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර පද්ධතිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු කේන්ද්‍රීය කාර්යභාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාව බ්‍රික්ස් නායකයෝ යළි අවධාරණය කළහ. බහු-ධ්‍රැවීය ලෝකයක් තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සංවාදය සහ අදහස් හුවමාරුව ශක්තිමත් කර ගැනීම අතිශය වැදගත් බවට ද එකඟතාව පළ වී තිබේ.
එහිදී මැද පෙරදිග සහ බටහිර ආසියාව තුළ උත්සන්න වෙමින් පවතින ආතතිය පිළිබඳව දැඩි කනස්සල්ල හා අවධානය යොමු විය. උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකි ක්‍රියාමාර්ගවලින් වැළකී සිටින ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රය තුළ තිරසර සංවර්ධනය සහ අන්තර්කරණ වර්ධනය කිරීමේ සුවිශේෂී වැදගත්කම නැවත අවධාරණය කිරීම ද විශේෂත්වයකි. සංස්කෘතික විවිධත්වයට වැඩි ගෞරවයක් ලබා දෙමින්, එය සුරැකීම මෙන්ම නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය කෙරෙහි ද උපරිම අවධානය යොමු කළ යුතුය. ජනතාව අතර සක්‍රිය හුවමාරු සහ සහයෝගීතාව වෙනුවෙන් සාමූහික මුලපිරීමක් ක්‍රියාත්මක කරන බවට ද එම ප්රකාශනයෙන් සහතික විය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම