November 10, 2026

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් චීනයට තද වැසි සහ ගංවතුර

ඩොල්ෆින් සුළි කුණාටුව සමඟ ඇති වූ තද වැසි හේතුවෙන් චීනයේ විශාල ප්‍රදේශවලට අඛණ්ඩ බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් ගංවතුර පාලන ක්‍රියාමාර්ග දැඩි කිරීමට, දුම්රිය ගමන්වාර අත්හිටුවීමට සහ Beijing හා තදාසන්න Tianjin මෙන්ම මධ්‍යම හා නැගෙනහිර පළාත්වල ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇත.

ඩොල්ෆින් සුළි කුණාටුව මෙම වසරේ සිදු වූ 13වන සුළි කුණාටුවයි. ඉකුත් ඉරිදා Zhejiang පළාතට අවස්ථා දෙකකදී එම සුළි කුණාටුව ගොඩබිමින් ඇතුළු විය.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව ඊයේ (11) තද වැසි පිළිබඳ පනවා තිබූ තැඹිලි වර්ණයේ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු වේ. බදාදා පස්වරුව දක්වා චීනයේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වනු ඇතැයි එම මධ්‍යස්ථානය පුරෝකථනය කර තිබේ. Zhejiang, Shanghai, Shandong, Beijing සහ Tianjin එම ප්‍රදේශවලට ඇතුළත් වේ.

About The Author