November 10, 2026

චීන භූමියට එරෙහි පිලිපීනයේ ඊනියා සමුද්‍රීය අධිකරණ බලය පිළිබඳ ප්‍රකාශය නීතිවිරෝධී වන බව චීනය පවසයි

චීන භූමියට එරෙහි පිලිපීනයේ ඊනියා සමුද්‍රීය අධිකරණ බලය පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශිකා Guo Jiakun මහතා ඊයේ(15) පැවති  මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කළේය.

‘යම් රාජ්‍යයක ගොඩබිමට හිමි සාගර කලාපය, එම ගොඩබිම සතුවීමට’ අදාළ ජාත්‍යන්තර නීති මූලධර්මයන්ට අනුව, චීන භූමියට එරෙහි පිලිපීනයේ ඊනියා සමුද්‍රීය අධිකරණ බලය පිළිබඳ ප්‍රකාශය නීතිවිරෝධී ක්‍රියාවකි. චීනය සිය භූමියෙහි සිදු කරන ඉදිකිරීම් ස්වෛරීභාවයට අනුකූල බවත්, එය යුක්ති සහගත මෙන්ම නීත්‍යනුකූල බවත් හෙතෙම පැවසීය. එබැවින් සිය භෞමික අඛණ්ඩතාව හා අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අඛණ්ඩව දැඩිව පියවර ගන්නා චීනය, සියලු නීතිවිරෝධි ක්‍රියාවන්ට විරෝධය පළ කරන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. 

About The Author