චීනය සහ අප්‍රිකානු සංගමය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීමට සුදුසු කාලය මෙය බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
අප්‍රිකානු සංගම් මූලස්ථානය, ඉතියෝපියාව, ටැන්සානියාව සහ ලෙසෝතෝ වෙත කළ සංචාර අවසන් කිරීමෙන් පසු චීන මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පසුගියදා(12) මේ බව සඳහන් කළේය.
චීනය සහ අප්‍රිකානු සංගමය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩිම සංඛ්‍යාවක් සහිත මහාද්වීපික ආයතනයයි. දෙපාර්ශ්වයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට පමණක් නොව, ලෝක සාමය සහ සංවර්ධනය සඳහා තම දායකත්වය ලබා දීමට චීනය සහ අප්‍රිකානු සංගමය එක්ව කටයුතු කළ යුතු බව වැන්ග් යී මහතා පැවසීය.
සිය සංචාරයේදී අප්‍රිකාවේ සංවර්ධනයේ නව ජයග්‍රහණ දැකීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවත්, චීනයේ දැවැන්ත වෙළඳපොළ අප්‍රිකාවේ සංවර්ධනය සඳහා පුළුල් අවස්ථා ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
අප්‍රිකාවේ ආයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි