November 10, 2026

චීනයේ නව විදේශ ආයෝජන කළමනාකරණ රෙගුලාසි සැලසුම ප්‍රකාශයට පත් කෙරේ

චීනයේ, නව සංශෝධිත “විදේශ ආයෝජන කළමනාකරණ රෙගුලාසි”බලාත්මක කිරීමේ සැලසුම ඊයේ (22) ප්‍රකාශයට පත් කෙරිණ. චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව  එම රෙගුලාසි නිකුත් කර ඇත. වගන්ති 76කින් යුත් එම රෙගුලාසි එළඹෙන දෙසැම්බර් මස බලාත්මක වීමට නියමිතය.

චීනයේ විදේශ ආ‍යෝජන ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජකයින්ගේ හා ඔවුන් විදේශයන්හි සිදු කරන ආයෝජනවල නීත්‍යනුකුල අයිතීන් සුරැකීම, නව සංශෝධිත “විදේශ ආයෝජන කළමනාකරණ රෙගුලාසි”මගින් අපේක්ෂා කෙරේ.

About The Author