ඇමරිකානු රාජ්‍ය ණය ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවා ඇතැයි එරට භාණ්ඩාගාරය නිකුත් කළ නවතම දත්තවලින් පෙන්නුම් කෙරේ.
වසර ගණනාවක් පුරා, අඛණ්ඩ මූල්‍ය හිඟයන් පැවතීම ඇමරිකානු ණය ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ. ඇමරිකානු ෆෙඩරල් අයවැය සඳහා වූ වගකිවයුතු කමිටුව පෙන්වා දුන්නේ, රටේ මූල්‍ය තත්ත්වය බරපතල ලෙස අසමතුලිත වන නමුත්, කොංග්‍රසය එම තත්ත්වය තවදුරටත් නරක අතට හැරවීම අඛණ්ඩව කරගෙන යන බවයි.
තීරණාත්මක ලක්ෂ්‍යය ඉක්මවුවහොත් විශාල ප්‍රමාණයේ සමුච්චිත රාජ්‍ය ණය, ඇමරිකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් කිහිපදෙනෙකු පවසා තිබේ. මෙම තත්ත්වය යටතේ, ඇමරිකානු රජයට තම මූල්‍ය තත්ත්වය සකස් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ආයෝජකයින්ගේ විශ්වාසය ගිලිහෙනු ඇත. පොලී අනුපාතවල සැලකිය යුතු වැඩි කිරීමකින් තොරව ඇමරිකානු ණය ගැනීම් සඳහා මුදල් සැපයීමට ආයෝජකයින් අකමැති විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි