චීන විදේශ අමාත්‍යාංශයේ නිත්‍ය මාධ්‍ය හමුවක් පසුගියදා(29) පැවැත්විණ. ජපන් රූපවාහිනී නාට්‍ය මාලාවක් වෙනුවෙන් Sanrio සමාගම සමග පැවති සහයෝගීතාවය අවලංගු කර ඇති බවත් එම නාට්‍යයේ චීන ජාතික චරිත නිරූපණයට මහජන විරෝධයක් මතුවීම ඊට හේතු වී ඇති බවත් වාර්තාකරුවෙක් එහිදී සඳහන් කළේය. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය ඔහු විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා කියාසිටියේ සංස්කෘතික නිර්මාණ හරහා චීනයට අපහාස කිරීමට, මඩ ගැසීමට සහ චීන විරෝධී හැඟීම් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බලවේගයක් ජපානය තුළ ක්‍රියාත්මක බව මෙම රූපවාහිනී නාට්‍ය මාලාවෙන් නැවත වරක් හෙළිදරව් වන බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ ජපානය තුළ සිටින විචාරශීලී බුද්ධියකින් යුත් පුද්ගලයින් වැඩි සෝදිසියෙන් සිටිය යුතු බව Guo Jiakun මහතා පැවසීය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්