November 9, 2026

වත්මන් මැද පෙරදිග තත්ත්වය පිළිබඳ චීනයේ කනස්සල්ල

චීනය වත්මන් මැද පෙරදිග තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළ කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වත්මන් මැද පෙරදිග තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

මැද පෙරදිග කලාපයේ සාමය වෙනුවෙන් මෙතෙක් අදාළ පාර්ශ්වයන් සාම සාකච්ඡා මගින් ලබා ඇති ප්‍රතිඵල ආරක්ෂා කළ යුතු බව ලින් චියෙන් මහතා එහිදී පෙන්වා දුන්නේය. යුද්ධය යළි ආරම්භ කිරීමෙන් කිසිදු පාර්ශ්වයකට යහපතක් සිදු නොවේ. එබැවින් පවතින ගැටළු සම්බන්ධව අදාළ පාර්ශ්වයන් සංයමයෙන් යුතුව රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුම් සොයා ගනිමින් පූර්ණ සටන් විරාමයකට යා යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙහිදී අවධාරණය කර ඇත.

About The Author