මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා, චීනයේ ජෛව පාරිසරික ගුණාත්මකභාවය අඛණ්ඩ ව යහපත් මට්ටමක පවතී. PM2.5 සාන්ද්‍රණ අගය, ගුණාත්මක වායු සහිත දිනවල සංඛ්‍යාව ඇතුළු ප්‍රධාන දර්ශක යහපත් මට්ටමක පවතින බව චීන ජෛව පරිසර අමාත්‍ය Huang Runqiu මහතා අද(13) රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලය පැවැත්වූ ‘15වන පස් අවුරුදු සැලසුම්’ කාලයේ(2026-2030) සමාරම්භක වසර සඳහා වූ අදාළ වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
අදාළ කාලසීමාව තුළ, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ජෛව පරිසර අමාත්‍යාංශය ප්‍රධාන කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරනු ඇතැයි ඔහු පැවසීය. ප්‍රධාන ක්ෂේත්‍ර පරිසර හිතකාමී සහ අඩු කාබන් පරිවර්තනයට යොමු කිරීම ඉන් ප්‍රධාන වෙයි. එමෙන්ම චීනය පුරා කාබන් වෙළඳපොළ ගොඩනැංවීම වේගවත් කරමින් කාබන් විමෝචනය සංඛ්‍යාලේඛන පද්ධතිය වැඩිදියුණු කරනු ඇත. තවද කාලගුණික නම්‍යශීලීත්වය පූර්ණ අයුරින් ඉහළ මට්ටමකට රැගෙන යමින් දේශගුණික වෙනස්කම්වලට මුහුණ දීම සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතාව තහවුරු කිරීම ඊට ඇතුළත් බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම