November 10, 2026

පිලිපීනයේ ප්‍රකෝප කිරීම් සහ පදනම් විරහිත ප්‍රචාරය සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමට එරට තානාපතිවරයාට කැඳවීමක්

චීන විදේශ අමාත්‍යාංශයේ දේශසිමා මායිම් හා මුහුදු කටයුතු කාර්යාලයේ ප්‍රධානියා අද (21) චීනයේ සිටින පිලිපීන තානාපතිවරයා කැඳවා තිබේ. චීනයේ Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශයේදී පිලිපීන නෞකාවක් ප්‍රකෝපකාරීව හැසිරෙමින් චීන නීති ක්‍රියාත්මක නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනය එහිදී දැඩි විරෝධය පළ කර ඇත.

චීනයේ Nansha දූපතේ කොටසක් වන Ren’ai ගල්පරය, චීන දේශ සීමාවට අයත් කොටසකි. එබැවින් චීන වෙරළාරක්ෂක බලකාය අදාළ ප්‍රදේශයේ නීති ක්‍රියාත්මක කිරීම නීත්‍යනුකූල ක්‍රියාවකි. එවැනි පසුබිමක් තුළ නීති විරෝධී අයුරින් Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශයේ රැඳී සිටි අදාළ පිලිපීන නෞකාව, ඊට අයත් කුඩා යාත්‍රා දෙකක් ඊයේ (20) දිනයේදී ඒ අසල මුහුදු කලාපය වෙත මුදා හැර අනතුරුදායකව හැසිරෙමින් චීන යාත්‍රාවක ගැටී ද්වේෂ සහගතව චීන නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇත. 

කෙසේවෙතත් එම සිද්ධියෙන් අනතුරුව පිලිපීනය සත්‍ය සිදුවීම බැහැර කරමින් චීනය වෙත අසත්‍ය චෝදනා එල්ල කර ඇත. ඒ අනුව ඊට දැඩි විරෝධය පළ කළ චීනය, මෙම ප්‍රකෝප කිරීම් සහ පදනම් විරහිත ප්‍රචාරය නතර කරන ලෙස පිලිපීනයෙන් ඉල්ලා සිටී. එමෙන්ම සිය භෞමික අඛණ්ඩතාව හා සමුද්‍රීය අයිතිවාසිකම් ස්ථිර ලෙස ආරක්ෂා කරමින් ඊට අදාළ නිසි පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යංශනිලධාරියා වැඩිදුරටත් දන්වා ඇත. 

About The Author