November 10, 2026

දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ

‘ස්වයං-විප්ලවයේ ශක්තිය:චීනයේ දැඩි විනයකින් යුතු පක්ෂ පාලනය සහ ලෝකයට එහි ආදර්ශය’යන මැයෙන් ගෝලීය සංවාද මාලාවක් මේ දිනවල ශ්‍රී ලංකාව, ලාඕසය, කාම්බෝජය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යනාදී ආසියානු රටවල් රැසක පවත්වා තිබේ.

ඒ චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව සහ එම රටවල චීන තානාපති කාර්යාල, රජයන්, බුද්ධි මණ්ඩල හා මාධ්‍යවල සහභාගීත්වයෙනි.

එම සංවාදය පසුගිය දෙවැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්විණ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වීරසුමන වීරසිංහ මහතා සංවාදය අමතමින් පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාත්මක පූර්ණ හා දැඩි විනයකින් පක්ෂය පාලනය කිරීමේ වැඩපිළිවෙළ මගින් එහි ක්‍රමවේද ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් ජාතික පාලන පද්ධතිය තහවුරු කිරීමටත් ඉවහල් වන බවයි. එමෙන්ම එය චීන මාදිලියේ නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථීර පදනමක් සපයා ඇති බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සහ දෙරණ රූපවාහිනිය, ලාඕස ජාතික රූපවාහිනිය මෙන්ම කාම්බෝජ ජාතික රූපවාහිනිය ඇතුළු ප්‍රධාන ධාරාවේ විදේශීය මාධ්‍ය ආයතන සියයකට අධික සංඛ්‍යාවක් මෙම සංවාද මාලාව පිළිබඳව වාර්තා කර ඇත.

About The Author