November 9, 2026

ටජිකිස්තානය සමග එක්ව“එක් තීරයක් එක් මාවතක්” සහයෝගීතාව ප්‍රවර්ධනයට චීනය සූදානම්–චීන අගමැති

ටජිකිස්තානය සමග එක්ව“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් ගුණාත්මක සහයෝගීතාවයකින් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව චීන අග‍්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි.  නිල සංචාරයක් සඳහා ටජිකිස්තානයට ගොස් සිටින අග්‍රාමාත්‍යවරයා ඊයේ(18) එරට අගමැති Kokhir Rasulzoda  මහතා සමග පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.  

දෙරට සංවර්ධන උපායමාර්ග වඩාත් සමීපව සම්බන්ධ කරමින් වෙළෙඳ හා ආයෝජන, හරිත ඛනිජ සම්පත්, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම්, පිරිසිදු බලශක්තිය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී ප්‍රකාශ කළේය.  මෙම සහයෝගීතාව දෙරටට ම ජයග්‍රාහී ප්‍රතිලාභ සලසනු ඇති බව ද ඔහු පැවසීය. 

එමෙන්ම ටජිකිස්තානයෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ වැඩි වශයෙන් ආනයනය කිරීමට චීනය අපේක්ෂා කරන බවත්, ටජිකිස්තානය තුළ ආයෝජන සිදු කිරීමට සහ ව්‍යාපාර ඇරඹීමට චීන සමාගම් දිරිමත් කරන බවත් ඔහු සඳහන් කළේය.  ඒ සඳහා හිතකර ව්‍යාපාර පරිසරයක් ටජිකිස්තානය තුළ පවත්වාගෙන යනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මේ අතර Kokhir Rasulzoda  මහතා කියාසිටියේ, චීනය සිය රටෙහි වැදගත් ම වෙළෙඳ හා ආයෝජන හවුල්කරු වන බවයි.  එමෙන්ම ටජිකිස්තානයේ ආර්ථික සංවර්ධනයට චීනය දිගුකාලීනව ලබා දෙන ශක්තිමත් සහයෝගය පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කළේය. 

සාකච්ඡාවලින් අනතුරුව දෙරට නායකයෝ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහයෝගීතා ලේඛන කිහිපයකට අත්සන් තැබීමේ අවස්ථාවට ද එක් වූහ.

About The Author