චීන ප්‍රවාහන ජාලයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 6 ඉක්මවයි.
චීන ප්‍රවාහන අමාත්‍යාංශය අද(21) නිකුත් කළ දත්තවලට අනුව, 14 වන පස් අවුරුදු සැලසුම් කාලය(2021-2025) තුළ සමස්ත චීනය ආවරණය වන පරිදි ප්‍රවාහන ජාලය සඳහා වූ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘතියෙන් 91%ක් දක්වා සම්පූර්ණ කර ඇත. මේ අතර, අධිවේගී දුම්රිය මෙහෙයුම් දුර ප්‍රමාණය කිලෝමීටර 50,000 ඉක්මවා ඇති අතර, අධිවේගී මාර්ග ගමනාගමන දුර ප්‍රමාණය කිලෝමීටර 199,000කට ළඟා වී ඇත. එමෙන්ම ටොන් 10,000ක් හෝ වැඩි ධාරිතාවයක් සහිත වරාය නැංගුරම් ස්ථාන 3,061ක් දක්වා ඉදි කර ඇති අතර, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සිදු වන ගුවන්තොටුපළ සංඛ්‍යාව 270කි. මෙමගින් ලොව විශාලත ම පරිමාව සහ වැඩිම පරිභෝජනයකින් යුක්ත තැපැල් සහ භාණ්ඩ අධිවේගී බෙදාහැරීමේ සේවා ජාලය චීනය ගොඩනගා තිබීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම