November 10, 2026

චීනය, රටවල් හා කලාප 160කට වැඩි ගණනක ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්වේ

“15 වන පස් අවුරුදු සැලැස්ම” ක්‍රියාත්මක කිරීම හඳුන්වා දීම සඳහා චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (22) උදෑසන මාධ්‍ය හමුවක් පැවැත්වීය.

රේගු නවීකරණය කඩිනම් කර, ශක්තිමත් සේවා කේන්ද්‍රීය වෙළඳාමක් සහිත රටක් ගොඩනැගීම පිළිබඳ තොරතුරු එහිදී හඳුන්වා දී තිබේ.

මෙම වසරේ වියට්නාම පොමෙලෝ සහ බෙල්ජියම් ඇපල් ඇතුළු නව කෘෂි නිෂ්පාදන 138ක් මෙන් ම රටවල් 15ක ආහාර නිෂ්පාදන 29ක් සඳහා චීනයේ වෙළඳපොළ ප්‍රවේශය ලබා දී ඇති බව ද එම මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණ.

මේ වන විට චීනය, රටවල් සහ කලාප 160කට වැඩි ගණනක ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇති අතර, චීනයට ආනයන කරන වෙළඳ භාණ්ඩවල පරාසය වඩාත් ප්‍රශස්ත ලෙස පුළුල් වී ඇත.

15වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ, නැවුම් කෘෂිකාර්මික නිෂ්පාදන සහ ආහාර වර්ග කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා, රේගු නිෂ්කාශන ක්‍රියාවලිය ප්‍රශස්ත කොට, දේශසීමා හරහා සැපයුම් පිරිවැය අඩු කිරීමට චීන රේගුව සූදානමින් සිටින බව ද එම හමුවේදී සඳහන් කෙරිණ.

About The Author