November 10, 2026

චීනය මිසයිලයක් අත්හදා බැලීම පිළිබඳ ඇමරිකාවේ විවේචනය එකිනෙකට වෙනස් මිනුම් දඬු පිළිබිඹු කිරීමක් — චීන විදේශ අමාත්‍යාංශය

චීනය නිත්‍ය පුහුණුවක් වශයෙන් මිසයිලයක් අත්හදා බැලීම පිළිබඳ ඇමරිකාව විවේචන එල්ල කිරීම මගින්,  සමාන සිදුවීම් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මිනුම් දඬු භාවිත කිරීමේ ඇමරිකානු ප්‍රතිපත්තිය පිළිබිඹු කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ ඊයේ(9) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

එම අත්හදා බැලීමට පෙර චීන පාර්ශ්වය ඇමරිකාව ඇතුළු රටවල් දැනුවත් කළ අතර, කා‍ලෝචිත ව තොරතුරු නිකුත් කර ඇති බවත් ඉන් චීන හමුදාවේ විවෘත ආකල්පය හා විනිවිදභාවය විදහා පා ඇති බවත් මාඕ නිං මහත්මිය කීවාය.

ලෝකය පුරා න්‍යෂ්ටික අවි යුද අරමුණු වෙනුවෙන් භාවිත කළ එකම රට ඇමරිකාවය. ලෝකයේ විශාලතම හා දියුණුතම න්‍යෂ්ටික අවි ගබඩාව ඇත්තේත් ඇමරිකාවේය. එවන් පසුබිමක ඇමරිකාව චීනයේ විධිමත් අත්හදා බැලීම් කෙරෙහි දොස් නැගීම, පැහැදිලි ව ද්විත්ව ප්‍රමිති අනුව කටයුතු කිරීමක් බව ද ඇය කියා සිටියාය. 

About The Author