චීන නාවික හමුදාවේ Qi Jiguang සහ Kunlunshan නෞකාවලින් සැදුම්ලත් 83 වන නාවික පුහුණු කාර්ය කණ්ඩායම, ජාත්‍යන්තර මුහුදේ පුළුල් පුහුණු අභ්‍යාසයක් සඳහා ඊයේ (20) චීනයේ Guangdong පළාතේ Zhanjiangහි නාවික වරායකින් පිටත් විය. එම නාවික කණ්ඩායම නාවික නිලධාරීන් සහ සෙබළුන් 900කට වැඩි සංඛ්‍යාවකින් සමන්විතය.
මෙම පුහුණු අභ්‍යාස සැලැස්මට අනුව, ඊට අනුයුක්ත කර සිටින විදේශීය හමුදා සෙබළුන් නව දෙනා ඒකාබද්ධ පුහුණුව සඳහා චීන සෙබළුන් සමග එක් වනු ඇත. එමෙන්ම පුහුණු අභ්‍යාසය අතරතුර, මෙම කණ්ඩායම සෙබළුන්ගේ නාවික කුසලතා සහ සමස්ත හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් සීමාවාසික ප්‍රායෝගික පුහුණු සැසි පවත්වනු ඇත. තවද, පුහුණුවට එක් වන අදාළ නෞකා විදේශ රටවල නැංගුරම් ලා තිබියදී, ආචාර දැක්වීමේ අවස්ථාවන්ට ද එක් වනු ඇත.
Qi Jiguang පුහුණු නෞකාව යනු මේ වනවිට චීනය විසින්ම සංවර්ධනය කළ විශාලතම සහ නවීනතම වෘත්තීය පුහුණු නෞකාවයි. එමෙන්ම Kunlunshan නෞකාව, වෙරළබඩ ආශ්‍රිත ප්‍රදේශවල සේම ඈත සාගර ප්‍රදේශවලදීත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහතික කළ හැකි ද්විත්ව හැකියාවෙන් යුත් අති නවීන තාක්ෂණයකින් යුක්ත වීම විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම