චීනයේ සමස්ත සේවා වෙළඳ සංවර්ධන මට්ටම 2018 වසරට සාපේක්ෂව ගෝලීය වශයෙන් ස්ථාන 5කින් ඉහළ ගොස් තිබේ.
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය අතරතුර නිකුත් කරන ලද‘2026 ගෝලීය සේවා වෙළඳ සංවර්ධන දර්ශක වාර්තාවෙන්’ මේ බව හෙළි විය.
එම ප්‍රදර්ශනය අතරතුර, “සේවා වෙළඳාම සහ සේවා පරිභෝජනය ඒකාබද්ධ සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රීය හුවමාරු රැස්වීම” පැවැත්විණ.
ගෝලීය සේවා වෙළඳාමේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින්,එම රැස්වීමේදී පර්යේෂණ ජයග්‍රහණ දෙකක් එළිදැක්වීය.
ඉන් එක් ජයග්‍රහණයක් වශයෙන්‘2026 ගෝලීය සේවා වෙළඳ සංවර්ධන දර්ශක වාර්තාව’එහිදී නිකුත් කෙරිණ. මෙම වාර්තාව අඛණ්ඩව වසර නවයක් පුරා නිකුත් කෙරේ. මෙම වසරේ තේමාව වන්නේ “සේවා වෙළඳාමේ සහ සේවා පරිභෝජනයේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” ය. එම වාර්තාව ලොව පුරා ආර්ථිකයන් 79ක සේවා වෙළඳාමේ සංවර්ධන මට්ටම පිළිබඳව පුළුල් ඇගයීමක් සිදු කර තිබේ. චීනයේ සමස්ත සේවා වෙළඳ සංවර්ධන මට්ටම 2018 වසරට සාපේක්ෂව ගෝලීය වශයෙන් ස්ථාන 5කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම