2026 වසරේ ඔක්තෝබර් මාසය තුළ චීනයේ නිෂ්පාදන අංශයේ ගැණුම්කරුවන්ගේ දර්ශකය (PMI) 49.3% ක් ලෙස සටහන් විය. එය පසුගිය සැප්තැම්බර් මාසයට වඩා 0.8%කින් පහළ යාමකි.
චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ සේවා කර්මාන්ත පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානය සහ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය අද (31) මේ බව ප්‍රකාශ කර ඇත.
ඔක්තෝබර් මාසයේදී, නිෂ්පාදන කර්මාන්ත වර්ධන තත්ත්වය සාපේක්ෂව සුළු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙන අතර ගැණුම්කරුවන්ගේ දර්ශකය යළිත් වරක් පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව එහිදී සඳහන් විය. එහෙත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින නව වර්ධන සාධකයෙන් නිෂ්පාදන අංශයට ලබා දුන් ප්‍රබල අනුබලයක් පැහැදිලිව පෙන්නුම් කරයි.
නිෂ්පාදන අංශයේ වර්ධන තත්ත්වය සෘතුමය පසුබෑමකට ලක් වූ අතර, උපකරණ නිෂ්පාදනය සහ අධි තාක්ෂණික නිෂ්පාදන යන “නව වර්ධන ධාවකයන්” ප්‍රමුඛ අංශවල අඛණ්ඩව ව්‍යාප්ත කිරීමේ ප්‍රවණතාව පවත්වා ගැනීමෙන් සාම්ප්‍රදායික කර්මාන්තවල පහළ යාමේ පීඩනය ලිහිල් වූ බව එහිදී සඳහන් කෙරිණ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්