February 28, 2026

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව රැස්වීම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව රැස්වීමක් පවත්වයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) එම රැස්වීම පැවැත්විණ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාව, මහජන මහාධිකරණය, මහජන උත්තරීතර පැමිණිලි සැපයුම් මණ්ඩලය යන ආයතනයන්හි පක්ෂ කමිටු කටයුතු මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විසින් විමර්ශනය සිදු කළ තොරතුරු වාර්තාව එහිදී සමාලෝචනයට හා සාකච්ඡාවට ලක් කෙරිණ.

2025 වසරේ එම ආයතන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට සහාය දෙමින් සිය විෂය ක්ෂේත්‍රයන්හි අත්කර ගත් ඵලදායීතාවන් එහිදී ඇගයීමට ලක් විය. එසේම 2026 වසර සඳහා එම ආයතන සැලසුම් කළ කටයුතු ද රැස්වීමේදී සම්මත කරනු ලැබිණ.

මෙම වසරට චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කර වසර 105ක් සපිරේ. එමෙන්ම චීනයේ 15වැනි පස්අවුරුදු සැලැස්ම මේ වසරේ සිට ක්‍රියාත්මක කෙරේ. එම සැලැස්ම මනා ආරම්භයකින් ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතන එක්සත් වී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂය සමග දැඩි ලෙස බැඳී සිටිමින් විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු බාධා රහිතව ඉදිරියට ගෙන යා යුතු බව රැස්වීමේදී අවධාරණය කෙරිණ.

About The Author