February 28, 2026

“ආසියා-පැසිෆික් ආශ්චර්යය” නිර්මාණය කිරීමේ යතුර විවෘතභාවය, සහයෝගීතාවය සහ ඒකාබද්ධ සංවර්ධනයයි – චීනය

“ආසියා-පැසිෆික් ආශ්චර්යය” නිර්මාණය කිරීමේ ප්‍රධාක සාධක විවෘතභාවය, සහයෝගීතාවය සහ ඒකාබද්ධ සංවර්ධනය බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. ඊයේ(29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතාවයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

චීනය සහ ආසියාන් සංගමය අඛණ්ඩව වසර පහක් තිස්සේ එකිනෙකාගේ විශාලතම වෙළඳ හවුල්කරුවන් වී ඇති බව Guo Jiakun මහතා පෙන්වා දුන්නේය. චීනය සහ ආසියාන් සංගමය, නිදහස් වෙළඳ කලාප තුන්වන ‍කාණ්ඩයේ(3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් තැබීම දෙපාර්ශ්වය අතර ආර්ථික හා වෙළඳ සබඳතා ගැඹුරු කිරීමේ සුවිශේෂී ජයග්‍රහණයකි. චීනය බාහිර ලෝකයට ඉහළ මට්ටමේ විවෘතභාවයක් ලබා දීම තුළින් කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරන බව ඔහු තවදුරටත් පැවසීය.

About The Author