April 16, 2026

Meta විසින් Manus මිලදී ගැනීම සහ අන්තර්ජාතික ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධ ගැටලුවලට චීනයෙන් ප්‍රතිචාර

ඇමරිකානු Meta සමාගම විසින් චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික නිෂ්පාදිතයක් වන Manus මිලදී ගැනීම සම්බන්ධයෙන් චීනය ගන්නා පියවර කවරේද යන්න මෙන්ම අන්තර්ජාතික ව්‍යාපාරික මෙහෙයුම් සම්බන්ධයෙන් අදාළ ගැටලු මොනවාදැයි ඊයේ(2) චීන වාණිජ අමාත්‍යාංශය පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් විමසීය.

ඒ පිළිබඳව එහි ප්‍රකාශක He Yadong මහතා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, අවශ්‍ය විටෙක අන්තර්ජාතික ව්‍යාපාරික මෙහෙයුම් සහ තාක්ෂණික සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමේදී චීන රජය ව්‍යවසායන්ට සහාය දක්වන බවයි.

අදාළ සියලු ක්‍රියාමාර්ග චීන නීති සහ රෙගුලාසිවලට අනුකූල විය යුතු අතර නීතිමය ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

About The Author