February 28, 2026

චීන විදේශ ඇමතිවරයා සහ  ලෙසෝතෝ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

චීන විදේශ ඇමති වං යී මහතා ලෙසෝතෝ අග්‍රාමාත්‍ය Sam Matekane මහතා හමු වෙයි. එම හමුව පසුගියදා(10) ලෙසෝතෝ රාජ්‍යයේදී පැවැත්විණ.

චීනය සමග පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික උපාය මාර්ගික හවුල්කාරීත්වය ඉතා වැදගත් කොට සලකන බවත්, ලෙසෝතෝ ඇතුළු අප්‍රිකානු රටවල සංවර්ධනය වෙනුවෙන් චීනය ලබාදුන් සහාය පිළිබඳ ස්තුතිවන්ත වන බවත්, Sam Matekane මහතා එහිදී කියා සිටියේ ය.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ මුලපිරුම් මාලාව ඉහළින් අගය කරමින්, ඔහු කියා සිටියේ බ්‍රික්ස් රටවල් ඇතුළු බහුපාර්ශ්වික වේදිකා තුළ චීනය සමග සහයෝගිතාව හා සමගිය ශක්තිමත් කරමින් ගෝලීය අර්බුදයට පොදුවේ මුහුණ දීමට ලෙසෝතෝ  රාජ්‍යය කැමැත්තෙන් සිටින බවයි. එකම චීනය මූලධර්මය නොවෙනස්ව පිළිපදින බව ද ලෙසෝතෝ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වං යී විදේශ ඇමතිවරයා එහිදී ලෙසෝතෝ රාජ්‍යයේ 60වැනි නිදහස් සැමරුමට සුබ පැතීය. මේ වන විට චීනය හා ලෙසෝතෝ රාජ්‍යය“හවුල්කාරී වැඩපිළිවෙළ දහය”යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ලෙසෝතෝ රාජ්‍යයේ ජාතික පුනර්ජීවනය ඉදිරියට ගෙන ගොස් ඇතැයි ඔහු පැවසීය. ලෙසෝතෝ රාජ්‍යය සමග එක්ව රාජ්‍ය පරිපාලනය සම්බන්ධව පමණක් නොව විවිධ ක්‍ෂේත්‍රයන්හි සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තුවෙන් සිටී. චීනය ලෙසෝතෝ ඇතුළු ගෝලීය දකුණේ රටවල් වෙනුවෙන් පෙනී සිටිමින් ඒකපාර්ශ්විකත්වය හා අධිපතිවාදයට එරෙහිව කටයුතු කරනු ඇතැයි ද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඊයේ චීන විදේශ ඇමතිවරයා ලෙසෝතෝ විදේශ ඇමති Lejone Mpotjoana මහතා සමග ද සාකච්ඡා පැවැත්විය.

About The Author