
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ජපානයට කිසිදු සුදුසුකමක් නැතැයි චීනය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායමේ අන්තර්කාලීන භාරකාර සුන් ලෙයි මහතා ඊයේ(21) ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ පැවති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමකට එක් වෙමින් මේ බව සඳහන් කළේය.
ජපානය යනු තමන් අතින් සිදු වූ ඓතිහාසික අපරාධ පිළිබඳ කිසිදු පසුතැවිල්ලක් නොපෙන්වූ, ජාත්‍යන්තර සබඳතාවන්හි මූලධර්මය උල්ලංඝනය කළ, දෙවන ලෝක යුද ජයග්‍රහණයට අභියෝග කරන සහ දෙවන ලෝක යුද්ධයේ පශ්චාත් සමයේ ජගත් පටිපාටිය අමු අමුවේ පාගා දැමූ රටකි. මෙවන් රටකට ලෝක සාමය හා ආරක්ෂාව රැක ගැනීමේ වගකීම භාර ගැනීමට කිසිසේත්ම නොහැකි බවත්, ජගත් ප්‍රජාවේ විශ්වාසය දිනාගැනීමේ හැකියාව ද මෙවන් රටකට නොමැති බවත්, සුන් ලෙයි මහතා එහිදී අවධාරණය කළේය. එබැවින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය සඳහා ජපානයට කිසිදු සුදුසුකමක් නැතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි