චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන Kuomintang පක්ෂය අතර බුද්ධි මණ්ඩල සාකච්ඡාවක් පැවැත‍්වේ.
“චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සහයෝගිතාවයේ ඉදිරිදැක්ම” තේමා කරගත් එම සාකච්ඡා මණ්ඩපය අද(3) උදෑසන චීනයේ බෙයිජිං නගරයේදී ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන Kuomintang පක්ෂයේ නියෝජිතයන්, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සංචාරක, කර්මාන්ත, විද්‍යා තාක්ෂණ, සෞඛ්‍ය සේවා හා පරිසරය සුරක්ෂිත කිරීම යන ක්ෂේත්‍රවල නියෝජිතයන්, විශේෂඥයන් එම සාකච්ඡා මණ්ඩපයට එක්ව සිටිති. අදාළ ප්‍රදේශයේ සංචාරක, කර්මාන්ත, පරිසර හා තිරසර සංවර්ධනයේ සහයෝගිතා හා හුවමාරු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාව ශක්තිමත් කිරීමේ සැලසුම්, ජනතා ප්‍රතිලාභ හා සුබසාධන පිළිබඳව ඔවුන් එහිදී පොදුවේ සාකච්ඡා කරනු ඇත. දස වසරකින් පසු චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන Kuomintang පක්ෂය අතර අදහස් හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම සනිටුහන් කරයි.
එම සාකච්ඡාවට එක්වීම සඳහා චීන Kuomintang පක්ෂයේ උප සභාපති Hsiao Hsu tsen මහතා සහ පක්ෂයේ බුද්ධි මණ්ඩලයේ උප අධ්‍යක්ෂ Lee Hong yuan මහතා ප්‍රමුඛ එම පක්ෂයේ බුද්ධි මණ්ඩල නියෝජිත කණ්ඩායම ඊයේ(2) බෙයිජිං නගරයට ළඟා වී තිබේ.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි