චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාර සිදු කරයි. යුද සූදානමක් වශයෙන් අද (29) ආරම්භ වූ එම මුර සංචාර සඳහා චීන නාවික හා ගුවන් හමුදා බලකායන් යොදවා ගන්නා බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi මහතා ප්‍රකාශ කළේ ය.
අද “Justice Mission 2025” යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බව ද ඔහු කියා සිටී. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් යොදවමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කෙරේ. මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය , යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කෙරේ.
“Justice Mission 2025” යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත් , එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් බවත්, Shi Yi මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි