March 1, 2026

චීන හා දකුණු කොරියානු ජනාධිපතිවරු දෙරටේ සබඳතාවන්හී වැදැගත්කම අවධාරණය කරති‍

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung මහතා හමු වෙයි. එම හමුව පසුගියදා(5) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී සිදු විය.

චීනය සැමවිටම චීන-දකුණු කොරියානු සබඳතා අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ප්‍රමුඛ ස්ථානයේ තබා ඇත. දකුණු කොරියාව සම්බන්ධ ප්‍රතිපත්තියේ අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය චීනය පවත්වා ගෙන යමින් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

“සමගිය අගය කිරීම” සහ ” විවිධත්වයෙන් සුසංගත බව” යන සංකල්පයන් දිගු කාලීනව අනුගමනය කරන චීනය සහ දකුණු කොරියාව සමාජ පද්ධති සහ මතවාදී වෙනස්කම් නොතකා අන්‍යෝන්‍ය සාර්ථකත්වය හා පොදු සංවර්ධනය දිනා ගෙන ඇති බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීනය සහ දකුණු කොරියාව අතර සමීප ආර්ථික සබඳතා පවතින අතර කාර්මික දාමය හා සැපයුම් දාමය ගැඹුරින් එකතුවී සහයෝගිතා මගින් අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගෙන ඇත. දෙරටේ සංවර්ධන උපායමාර්ග සහ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය තහවුරු කරමින් කෘත්‍රිම බුද්ධිය, හරිත කර්මාන්ත සහ වියපත් පුද්ගලයන් හා සම්බන්ධ ආර්ථිකය යන නව ක්ෂේත්‍රවල වඩාත් වැඩි ජයග්‍රහණ ලබාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම කලාපීය සාමය සහතික කිරීම හා ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී දෙරටට වැදගත් වගකීම් රාශියක් පවතී. ඉතිහාසය නිවැරදිව අවබෝධ කරගනිමින් නිවැරදි උපායමාර්ගික තේරීමක් සිදු කළ යුතු බවද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. වසර 80 වකට පෙර දෙරටේ ජනතාව දැවැන්ත කැප කිරීම් මගින් ජපාන මිලිටරිවාදය පරාජය කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්හ. ඒ නිසා වර්තමානයේ දෙරට අත්බැඳ ගෙන දෙවැනි ලෝක යුද ජයග්‍රහණ දැඩිව සුරක්ෂිත කරමින්  ඊසානදිග ආසියාවේ සාමය හා ස්ථාවරත්වය සහතික කළ යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. 

About The Author