දකුණු කොරියාවේ ප්‍රධාන පෙළේ නෞකා ගොඩනැගීමේ සමාගමක් වන Hanwha Ocean සමාගමේ ඇමරිකානු සම්බන්ධයක් පවතින අතුරු සමාගම් 5කට එරෙහිව චීනය ප්‍රති පියවර ගන්නා බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.
චීන නාවික, ප්‍රවාහන හා නෞකා ගොඩනැංවීම යන අංශ සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති අංක 301 විමර්ෂණ ක්‍රියාමාර්ගයන්ට ප්‍රති ක්‍රියාවක් ලෙසට චීනය ඊයේ(14) සිට මෙම පියවර ගෙන තිබේ. ඒ අනවු Hanwha Shipping LLC, Hanwha Philly Shipyard Inc., Hanwha Ocean USA International LLC, Hanwha Shipping Holdings LLC and HS USA Holdings Corp යන සමගම් සමග කවාරාකරයේ හෝ මූල්‍ය ගනුදෙනු, සහයෝගතාවන් හෝ අදාළ සෙසු ක්‍රියාකාරකම් සිදු කිරීම චීනයේ සංවිධාන හා පුද්ගලයන්ට තහනම් වන බව චීන වාණිජ අමාත්‍යංශය කියා සිටී.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි