චීනය අද(07) නව දුරස්ථ සංවේදී චන්ද්‍රිකා සමූහයක් දියත් කර තිබේ. ඒ උතුරු Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.
Yaogan-40 03 නම් මෙම චන්ද්‍රිකා සමූහය බෙයිජිං වේලාවෙන් අද අලුයම 12:34ට පමණ නවීකරණය කළ Long March-6 වාහක රොකට්ටුව ආධාරයෙන් අභ්‍යවකාශගත කර ඇති අතර එය සැලසුම් කළ පරිදි නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබේ.
විද්‍යුත් චුම්බක පරිසර තත්ත්වයන් පිළිබඳ අනාවරණය සහ අදාළ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙම චන්ද්‍රිකා භාවිත කෙරේ. මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 593 වන දියත් කිරීමයි.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි