March 2, 2026

භූමිකම්පා විපත් හදිසි සහනාධාර වශයෙන් චීනයෙන් ඇෆ්ගනිස්ථානයට චීන යුවාන් මිලියන 50 ක්

(250904) -- KUNAR, Sept. 4, 2025 (Xinhua) -- Afghan people transfer earthquake relief supplies in Suki district of Kunar province, Afghanistan, Sept. 3, 2025. Bao Xuhui, charge d'affaires of the Chinese Embassy in Afghanistan, has met with Muhammad Alam Alamyar, general-director of administration of the Afghanistan National Disaster Management Authority, and handed over earthquake relief donations from the embassy, Chinese institutions and the Overseas Chinese Association. (Xinhua/Li Ang)

භූමිකම්පා විපත් හදිසි සහනාධාර වශයෙන් චීනය ඇෆ්ගනිස්ථානයට චීන යුවාන් මිලියන 50 ක හදිසි මානුෂීය ආධාර ලබා දෙයි.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ඊයේ (04) මේ බව ප්‍රකාශ කළේය. ඇෆ්ගනිස්ථානයේ ඉල්ලීමකට අනුව, ඇෆ්ගනිස්ථානයට චීන යුවාන් මිලියන 50ක (ඇ.ඩො.මිලියන 7.04 ක) හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කළේය. ආපදාවන්ට ලක් වූ ප්‍රදේශයන් හි වෙසෙන අවතැන්වූවන්ට අත්‍යවශ්‍ය ආහාර පාන, කූඩාරම් ඇතුළු ද්‍රව්‍ය ඊට ඇතුළත් බව එම ඒජන්සියේ ප්‍රකාශක Li Ming මහතා පැවසීය.

පසුගිය 31 වනදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ 6.0ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පනයක් හ‍‍ට ගැනිණ. එරට Nangarhar පළාතේ අගනුවර වන Jalalabad සිට ඊසාන දෙසින් කිලෝමීටර් 27ක ඈතින් පිහිටි ප්‍රදේශයේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා තිබූ අතර එහි ගැඹුර කිලෝමීටර් 8කි. කඳුකර ප්‍රදේශයේ පිහිටි භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ගැඹුරු නොවීම හේතුවෙන් භූමිකම්පාවට ලක්වූ ප්‍රදේශවල තත්ත්වය ඉතා බරපතල විය. ඉන් අවම වශයෙන් දෙදහසකට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 3640ක් බවද එරටේ රතු අඩසඳ සමාජය 04වැනි දා තහවුරු කළේය. මේ වනවිට අදාළ ආපදා සහනාධාර කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවත් මරණ හා තුවාල ලැබීමේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම සමාජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author