බ්‍රසීල ජනාධිපති Lula da Silva මහතාගේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඔහු සමඟ දුරකථන සංවාදයක් පවත්වයි. එම සංවාදය අද(12) පෙරවරුවේ සිදු කෙරිණ.
චීන-බ්‍රසීල සබඳතාව ඉතිහාසයේ යහපත්ම අවදියක පවතින බවත්, පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාවක් ගොඩනැගීමේදීත් දෙරට සංවර්ධන උපායමාර්ග එකිනෙකට සම්බන්ධ කිරීමේදීත් විධිමත් ආරම්භයක් අත්කර ගෙන ඇති බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. අවස්ථා ප්‍රයෝජනයට ගෙන, සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් වඩාත් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතා ප්‍රතිඵල නිර්මාණය කිරීමට චීනය බලාපොරොත්තු වේ. එමෙන්ම ගෝලීය දකුණේ ප්‍රධාන රටවල් අතර එකමුතුකම සහ ස්වයං සංවර්ධනය පිළිබඳ ආදර්ශයක් නිර්මාණය කිරීමට සහ ඒකාබද්ධව වඩාත් සාධාරණ ලෝකයක් සහ වඩාත් තිරසර මිහිකතක් ගොඩනැගීමට බ්‍රසීලය සමග එක්ව උත්සාහ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
චීනය සමඟ ඇති සබඳතාවලට බ්‍රසීලය විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, චීනය සමඟ සහයෝගීතාව සහ උපායමාර්ගික සම්බන්ධීකරණය පුළුල් කිරීමෙන් ද්විපාර්ශ්වික සබඳතාවේ ප්‍රගතීන් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් Lula da Silva ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමරිකාව සමග පවතින සබඳතාවයේ මෑතකාලීන තත්ත්වය සහ සිය ස්වෛරීභාවය ස්ථිරව ආරක්ෂා කිරීම පිළිබඳ බ්‍රසීලයේ ස්ථාවරය පිළිබඳව ඔහු එහිදී දැනුවත් කළේය. බහුපාර්ශ්විකත්වයට අනුගත වීම, නිදහස් වෙළඳ රෙගුලාසීන් ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර කටයුතුවලදී වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඔහු චීනයට ප්‍රශංසා කළේය. බ්‍රික්ස් වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටී. ඒකපාර්ශ්වික හිරිහැර කිරීම්වලට විරුද්ධ වෙමින් සියළු රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට චීනය සමග ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය කර ඇත .
බ්‍රසීල ජනතාවට සිය ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීමටත්, බ්‍රසීලයට සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් චීනය සහාය දෙන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. සියළු රටවල් එක්සත් වී ඒකපාර්ශ්විකත්වයට සහ ආරක්ෂණවාදයට දැඩි ලෙස විරුද්ධ විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි