චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය හෙට(04) සවස 3ට පැවැත්වෙයි. ඒ බෙයිජිං නුවර පිහිටි මහජන මහා ශාලාවේ දී ය.
එම සැසිවාරයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Liu Jieyi මහතා අද(03) සවස පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් දෙස්-විදෙස් මාධ්‍ය වෙත මෙවර සැසිවාරයේ අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.
සැසිවාරයේ ප්‍රධාන න්‍යාය පත්‍ර එහිදී නිකුත් කෙරිණ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාවට සහ පෙර ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳ වාර්තාවට සවන් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පරීක්ෂා කිරීම එම සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් ය. 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය පැවැත්වෙන අවස්ථාවන්ට එක් වීම, රාජ්‍ය කාරක වාර්තාව ඇතුළු වාර්තාවන්ට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා පැවැත්වීම, ‘15 වන පස් අවුරුදු සැලැසුම් කෙටුම්පත’සාකච්ඡා කිරීම ඇතුළු විවිධ කාර්යයන් ද සිදු කෙරෙනු ඇත.
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය දින 7ක් පැවැත්වෙනු ඇති අතර එළඹෙන 11 වැනිදා පෙරවරුවේ එය නිමාවට පත් වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි