ඉරාන උත්තරීතර නායකයා ඇමරිකාව හා ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීම චීනය හෙළා දකී. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඊයේ (28) ඇමරිකාව හා ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. මේ සම්බන්ධව චීන විදේශ අමාත්‍යාංශය අද (1) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ චීනය එම ඝාතනය දැඩි ලෙස හෙළා දකින බවයි. ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම ඉරානයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එසේ ම එවන් ඝාතනයක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලික රීති උල්ලංඝනය කිරීමක් බව ද චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.
ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම චීනය දැඩිව හෙළා දකී
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ