March 1, 2026

චීන-යුරෝපා සබඳතාවයේ විධිමත් සංවර්ධනය සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කිරීමට චීන- ෆින්ලන්ත එකඟතාවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo මහතා හමු වෙයි. ඒ අද(27) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය. නිල සංචාරයක් සඳහා Petteri Orpo මහතා චීනයට පැමිණ සිටී.

චීනය හා ෆින්ලන්තය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 76ක කාලය තුළ, ජාත්‍යන්තර තත්ත්වයේ වෙනස්කම් කෙසේ වූවද දෙරට සබඳතාව සෑම විටම ස්ථිර ලෙස සංවර්ධනය වෙමින් පවතී. දෙරට අන්‍යෝන්‍ය ගරු කිරීම, සමානාත්මතාවය, අනාගතය උදෙසා සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන මූලධර්ම අනුගමනය කරන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ජයග්‍රාහී සහයෝගිතාව තහවුරු කරමින් බලශක්ති ව්‍යුහය වෙනස් කිරීම, චක්‍රීය ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ වන වගාව, තාක්ෂණික නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල වඩාත් වැඩි සහයෝගිතා ප්‍රතිලාභ ලබා ගත යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ෆින්ලන්ත ව්‍යවසායන් චීන වෙළඳපොල තුළ ව්‍යාපාර කටයුතු කරමින් ගෝලීය තරඟකාරිත්වය ඉහළ නංවා ගැනීමට එක් වීම චීනය පිළිගන්නා බවද හෙතෙම සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත  පදනම්ව ජාත්‍යන්තර පිළිවෙල ෆින්ලන්තය සමග එක්ව ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ගෝලීය අභියෝගයන්ට පොදුවේ මුහුණ දී විධිමත් ගෝලීය බහු ධ්‍රැවීකරණයක් තුළින් අවබෝධාත්මකව ආර්ථීක ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමට ෆින්ලන්තය සමග එක්ව කටයුතු කිරීමට ද චීනය කැමැතෙන් සිටින බවද ෂී ජින් පිං මහතා කියා සිටියේය. ෆින්ලන්තය චීන-යුරෝපා සබඳතාවයේ විධිමත් මෙන්ම ස්ථාර සංවර්ධනය සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

About The Author