
2026 වසරේ සන්නිවේදන, වෛද්‍ය සේවා හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ස්වාධීන විවෘතභාවය පුළුල් කිරීමට චීනය සූදානම් වෙයි.
චීන වාණිජ අමාත්‍යංශය විසින් 2025 වසරේ වාණිජ කටයුතු මෙහෙයවීමේ තත්ත්වය පිළිබඳ දැනුවත් කරමින් චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද(26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත.
2026 වසරේ සේවා වෙළඳපොළ කේන්ද්‍රීය කරගනිමින් වෙළඳපොලට ඇතුළත් වීම හා විවෘතභාවයේ ක්ෂේත්‍ර පුළුල් කරමින් චීනය විදුලි සන්නිවේදන, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ස්වාධීන විවෘතභාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට නියමිතය. එමෙන්ම අදාළ අත්හදා බැලීමේ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරමින් සේවා කර්මාන්ත පිළිබඳ විදේශ ව්‍යවසායන් සමග එක්ව සිය වටිනා සැපයුම් දාමයන් ප්‍රවර්ධනය කිරීමට චීනය සහාය දෙනු ඇත. වෘත්තීය, ඒකාබද්ධකරණය මෙන්ම ඩිජිටල්කරණයේ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමෙන් සේවා කර්මාන්තයේ ව්‍යාප්තිය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම චීනය ප්‍රවර්ධනය කරනු ඇතැයිද එහිදී ප්‍රකාශ කෙරිණ.
ඊට අමතරව, ලෝකයේ රටවල් හා ප්‍රදේශ 31ක් සමග චීනය නිදහස් වෙළඳ ගිවිසුම් 24ක් අත්සන් කළ බව එහිදී ප්‍රකාශ කෙරිණ. චීනය සිය නිදහස් වෙළඳ හවුල්කාර පාර්ශ්වයන් සමග සිදු කළ භාණ්ඩ ගනුදෙනුවල වටිනාකම සමස්ත භාණ්ඩ ගනුදෙනු වටිනාකමෙන් සියයට 45ක් බවද එම මාධ්‍ය හමුවීමේදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි