විවිධ පාර්ශ්වයන් සමග එක්ව, බහුපාර්ශ්වවාදය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතියට සිය උපරිම සහාය ලබා දෙන බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායමේ තාවකාලික ප්‍රධානී Sun Lei මහතා මේ බව පැවසුවේ ඊයේ(15) පැවති එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ වාර්ෂික ප්‍රධාන කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීමේදීය.
ස්වෛරී සමානාත්මතාවය, රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සාමකාමී අයුරින් ගැටුම් විසඳීම, ජාත්‍යන්තර සබඳතා සඳහා මිලිටරි බලයන් භාවිත නොකිරීම හෝ මිලිටරි බලයෙන් තර්ජන එල්ල නොකිරීම ඇතුළු මූලධර්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රධාන හරය බව Sun Lei මහතා එහිදී කියාසිටියේය. සාමය හා ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානතම කරුණු ත්‍රිත්වය සමතුලිතාවයෙන් යුතුව නිසියාකාරයෙන් තහවුරු කළ යුතු ය. සංවර්ධනය, ගෝලීය දකුණේ රාජ්‍යයන්ට අතිශය වැදගත් කරුණකි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යාය පත්‍රය තුළ ප්‍රමුඛ ස්ථානයේ තිබිය යුතු බව ද Sun Lei මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි