චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ පස්වැනි පූර්ණ සැසිවාරය ඊයේ(12) චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු, ඉහළ ප්‍රමිතීන් සහ වඩාත් ප්‍රායෝගික පියවර සමග පක්ෂයේ දැඩි පාලනය ඉදිරියට ගෙන යා යුතු බව ද සඳහන් කළා. මධ්‍යම කාරක සභාවේ වැදගත් තීරණ සහ සැලසුම් වඩාත් අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමේදී ආයතනික රෙගුලාසිය තුළ වඩාත් විද්‍යාත්මකව හා ඵලදායී ලෙස බලය සීමා කරමින් දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු අවධාරණය කළා. රටේ 15වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක හා මෙහෙවර ඉටු කිරීම සඳහා මෙයින් ස්ථිර සහතිකයක් ලබා දිය හැකි බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළා.
දූෂණයට එරෙහි සටන, පරාජය නොවිය යුතු සටනක් බවත් වර්තමානයේ දූෂණයට එරෙහි අරගලය සංකීර්ණ වන අතර, දූෂණය ව්‍යාප්ත වීමේ කොන්දේසිය මුලිනුපුටා දැමීමේ කාර්යය දුෂ්කර මෙන්ම අභියෝගාත්මක බව ඔහු පැවසුවා.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි