March 2, 2026

ටැන්සානියානු ජනපතිනිය සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් 

ටැන්සානියාවේ සංචාරයක  නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා එරට ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මිය  හමුවිය. එම හමුව පසුගියදා (10) ටැන්සානියාවේ Dar es Salaam හිදී සිදු විය.

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ රාමුව යටතේ, ටැන්සානියාවේ සංවර්ධනය සඳහා චීනය ලබා දුන් අනුබලය පිළිබඳව Samia Suluhu Hassan මහත්මිය එහිදී ස්තූතිය පළ කළාය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර ඉහළින් අගය කරන ටැන්සානියාව චීනය සමග බහුපාර්ශ්වික සම්බන්ධීකරණය තහවුරු කර වඩාත් සාධාරණ මෙන්ම යුක්ති සහිත ජාත්‍යන්තර පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බවද ඇය සඳහන් කළාය. 

වං යී මහතා ප්‍රකාශ කළේ දෙරටේ නායකයන් එළඹී ඇති එකඟතාවන් ක්‍රියාත්මක කර රටේ පරිපාලන අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. ප්‍රායෝගික සහයෝගීතාව තහවුරු කර මානව හුවමාරු ශක්තිමත් කරමින් චීන-ටැන්සානියා පූර්ණ උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ටැන්සානියාව සමඟ කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. 

ඊට අමතරව, දෙරට සහයෝගිතාව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කළ යුතු ය. යළි පුනරුත්ථාපනය කෙරුණු  වැන්සානියා-සැම්බියා දුම්රිය මාර්ගය කලාපීය සංවර්ධනයට ශක්තියක් වන අයුරෙන් මෙහෙයවිය යුතු බවද වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. කලාපීය හා ජාත්‍යන්තර කටයුතු වලදී ටැන්සානියාවට වඩාත් වැඩි කාර්යභාරයන් ඉටු කිරීමට චීනය අනුබල දෙයි. එමෙන්ම ටැන්සානියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව ලෝක සාමය, ස්ථාවරත්වය හා දියුණු වීමේ ශක්තිය ලෙසට කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ ඇමති වං යී මහතා පවසා ඇත. 

About The Author