March 1, 2026

ජපානය ආරක්ෂක ලේඛන තුන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය 

ජපාන අගමැතිනි Sanae Takaichi පසුගිය දා ප්‍රකාශ කළේ මෙම වසර තුළ ආරක්ෂක ලේඛන තුන සංශෝධනය කිරීම ඉලක්ක කරගත් අදාළ සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. 

ජපාන මාධ්‍ය වාර්තාවලට අනුව, ආරක්ෂක පිරිවැය වැඩි කිරීම,  “න්‍යෂ්ටික අවි නොදැරීමේ මූලධර්ම තුන” සංශෝධනය කිරීම , අවි අපනයන සඳහා පනවා ඇති සීමාව ඉවත් කිරීම හා ප්‍රහාරක යුද බලය විශාල වශයෙන් ප්‍රවර්ධනය කිරීම යන ප්‍රධාන කරුණු රැසක් අදාළ ආරක්ෂක ලේඛන තුන සංශෝධනය කිරීමට ඇතුළත් වෙයි.ඉන් ජපානය යළි හමුදාකරණය කඩිනම් කිරීමේ අනතුරුදායක ප්‍රවණතාව පිළිබිඹු කරන අතර එය කලාපීය සාමයට හා ස්ථාවරත්වයටද හානියකි. ජගත් ප්‍රජාව ඊට ඉහළ සුපරීක්ෂාකාරීත්වයක් යොමු කළ යුතු බවද ඇය ප්‍රකාශ කළාය. 

ජපානයේ දක්ෂිණාංශික බලවේගයන් ඓතිහාසික ප්‍රවණතාවන්ට විරුද්ධව කටයුතු කරමින් මිලිටරිවාදයේ යළි හිස එසවීම‍ට චීනය ඇතුළු ලෝකයේ සාමය අගයන රටවල් හා ජනතාව කිසිදු ඉඩක් ලබා නොදෙන බවද Mao Ning මහත්මිය අවධාරණය කළාය.

About The Author