වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පවසයි.
වෙනිසියුලා ජනාධිපති Nicolas Maduro සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගෙන වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඇමරිකාව ඊයේ(03) සිය හමුදා යෙදවීය. රටවල් රැසක් මේ සඳහා තම විරෝධය පළ කර තිබේ. අද(04) පැවති මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඒ බව පැවසීය.
ඇමරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සහ ඔවුන් පිටුවහල් කිරීම කෙරෙහි චීනය දැඩිව අවධානය යොමු කරයි. ඇමරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බව ද චීනය පෙන්වා දෙයි. වෙනිසියුලානු රාජ්‍යපාලනය පෙරලා දැමීමට දරන උත්සාහයන් නවතා සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි