චීන මහජන විමුක්ති හමුදාව සිය ශක්‍යතාවන් තහවුරු කිරීමෙන් ඊනියා ‘තායිවාන ස්වාධීනත්වය’ හා සම්බන්ධ ප්රකෝපකාරී හැසිරීම්වලට නිසි කලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්රවෘත්ති ප්‍රකාශක Zhang Xiaogang මහතා චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය පසුගිය දා තායිවාන ප්‍රදේශය ආශ්රිත ව “Justice Mission 2025” යුද අභ්‍යාසය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසීය.
මෙම යුද අභ්‍යාසය පිළිබඳ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te පවසන්නේ මෙය කලාපීය අස්ථාවරත්වයකට ගෙන දීමක් වන අතර, ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, යුරෝපා සංගමය යන පාර්ශ්වයන් ද මෙම යුද අභ්‍යාසය කෙරෙහි නුසුදුසු ප්‍රකාශ නිකුත් කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් Zhang Xiaogang මහතා පැවසුවේ මෙම යුද අභ්‍යාසය චීන හමුදාවේ සිය යුදමය ශක්‍යතාවන් පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමක් බවය. තායිවානය පිළිබඳ ප්රශ්නයේ හරයෙන් ඔබ්බට යන ඕනෑම ගුප්ත ක්‍රියාවකට ප්‍රතිචාර එල්ල වනු නියත ය. සමුද්‍ර සන්ධි දෙපස එකම චීනයට අයිති බව ඉතා පැහැදිලි ය. තායිවාන සමුද්‍ර සන්ධියට එල්ල වූ දැවැන්ත ම තර්ජනය වනුයේ ඊනියා ‘තායිවාන ස්වාධීනත්වය’ පිළිබඳ බෙදුම්වාදී ක්‍රියාවන් හා බාහිර බලවේග ඊට දක්වා ඇති සහායයි. බෙදුම්වාදී ක්‍රියාවන්ට එරෙහි චීන රජයේ නිසි වැඩපිළිවෙළට තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය ආරක්ෂා කිරීම මුවාවෙන් කිසිදු පුද්ගලයෙක් හෝ කිසිදු බලවේගයක් බලපෑම් එල්ල කරන්නේ නම් එයට චීනය කිසිසේත් ම ඉඩ නොදෙන බව ද චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි